චීනයෙන් නව චන්ද්‍රිකාවක් ගුවනට

ඔක් 18, 2019

    චීනය නවතම සන්නිවේදනය තාක්ෂණ අත්හදා බැලීමේ චන්ද්‍රිකාවක් ඊයේ කක්ෂගත කර තිබේ.

    ඒ නිරිතදිග චීනයේ සිචුආන් පළාතේදී. නව චන්ද්‍රිකාව ගුවනට මුදා හරනු ලැබ ඇත්තේ, ෂිචෑං චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය මගින්. ලෝං චාර්ච් ත්‍රී බී නමැති වාහක රොකට්ටුව මගින් චන්ද්‍රිකාව කක්ෂය වෙත රැගෙන ගිය බව, විදෙස් වාර්තා සඳහන් කරයි.

    ප්‍රධාන වශයෙන් බහු තරංග මාලාවක් සහ අධිවේගී සන්නිවේදන තාක්ෂණික අත්හදා බැලීම් සඳහා නව චන්ද්‍රිකාව යොදා ගන්නා බවයි, වාර්තා වන්නේ.

    Last modified on සිකුරාදා, 18 ඔක්තෝබර් 2019 11:18

    Latest News