උතුරු කොරියාවෙන් මිසයිල ගෙන යා හැකි සම්බැරීනයක්

ඔක් 04, 2019

    උතුරු කොරියාව මුහුදේ සිට මිසයිල එල්ල කළ හැකි සබ්මැරීනයක් දියත් කිරීමට සමත් වේ.

    ඒ අනුව, උතුරු කොරියාවට භූමියෙන් පිටතට මිසයිල ප්‍රවාහන හැකියාව සහ දියත් කිරීමේ හැකියාව පවතී.

    මුහුද ආශ්‍රිතව මිසයිලයක් රැගෙන යා හැකි සම්බැරීනයක් පිළිබඳව අත්හදා බැලූ 11 වැනි අවස්ථාව මෙයයි.

    මෙහි විශේෂත්වය වන්නේ, මුහුදේ නිර්මාණය කරන ලද වේදිකාවක සිට මිසයිල එල්ල කිරීමේ හැකියාව පැවතීමය.

    දකුණු කොරියානු නිලධාරීන්ට අනුව, මිසයිලයක් කිලෝමීටර් 450 ක පමණ පියාසර කර මුහුදට ගොඩබෑමට පෙර කිලෝමීටර් 910 ක පමණ උන්නතාංශයකට ළඟාවේ.

    කෙසේවුවත් ඊයේ අත්හදා බලන ලද මිසයිලය දකුණු කොරියාවේ නැගෙනහිර මුහුද ලෙස හැඳින්වෙන ජපානය ආශ්‍රිත මුහුදට පතිත වී ඇති බව පැවසේ.

    ජපානය පවසන්නේ එරට සුවිශේෂී ආර්ථික කලාපයකට මිසයිලය පතිත වූ බවයි.

    මෙම සිදුවීමෙහි තවත් විශේෂත්වයක් වන්නේ, එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා නැවත ආරම්භ කරන බව, උතුරු කොරියාව පැවසීමෙන් පැය කිහිපයකට පමණ පසුව මෙම අත්හදා බැලීම දියත් කිරීමය.

    Latest News