කොරෝනා රෝගීන් ප්‍රවාහනයට ජර්මනියෙන් දැඩි සත්කාර ගුවන්යානයක්

මාර් 29, 2020

    ජර්මනියේ දැඩි සත්කාර ගුවන් යානයක් වන එයාර් බස් ඒ-310 මාදිලියට අයත් විශේෂ ගුවන් යානයක් වෛරසය ආසාදිතයන් ප්‍රවාහන මෙහෙයුම් සඳහා එක් කිරීමට ජර්මාන බලධාරීන් තීරණය කර තිබේ.

    යානය, 25 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමකින්ද, රෝහල් ඇඳන් 44කින් ද සමන්විතයි. මේ අනූව, ඉතාලියේ සිටින වෛරසය ආසාදිතයන් ජර්මනියේ රෝහල් වෙත රැගෙන ඒමට මේ ගුවන් යානය භාවිත කිරීමට නියමිතයි.

    1800කට අධික මගීන් පිරිසන් රැගත් මගී නෞකාවක සිටි නිරෝගී මගීන් පිරිසක් වෙනත් නෞකාවකට මාරුකිරීමට බලධාරීන් ඊයේ තීරණය කළ බව, පැනමා නාවුක නිලධාරීන් පවසයි. නෞකාවේ සිටි මගීන්ගෙන් 130කට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හා සිව් දෙනෙකු නෞකාව තුළම මියයාම මීට හේතුවයිඤ.

    Last modified on ඉරිදා, 29 මාර්තු 2020 13:15

    Latest News