මේ වනවිට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ අමෙරිකාවෙයි

අප්‍රේ 01, 2020

    මේ වනවිට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන රට වන්නේ අමෙරිකාවයි.

    මේ වන විට එම සංඛ්‍යාව 188,647 වේ. එරටින් ඊයේ දිනයේ පමණක් නව රෝගීන් 24,000කට වැඩි පිරිසක් වාර්තා විය. ඊයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 750කට ආසන්නවේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටින්නේ, ඉදිරි සති කිහිපය අමෙරිකාවට ඉතා වේදනාකාරී විය හැකි බවයි. රජය විසින් ලබාදෙන උපදෙස් පිළිපදින ලෙස, ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. අමෙරිකාවේ පමණක් ඉදිරි සති කිහිපය තුළ ලක්‍ෂයකට අධික පිරිසක් මියයාමේ අවදානමක් ඇති බව බලධාරීන් අනතුරු අඟවයි.

    Last modified on බදාදා, 01 අප්‍රේල් 2020 17:55

    Latest News