චීනයේ වූහාන්‌ නගරයේ තත්වය සාමාන්‍ය අතට

අප්‍රේ 01, 2020

    චීනයේ වූහාන්‌ නගරයේ තත්වය මේ වන විට සාමාන්‍ය අතට හැරෙමින්‌ පවතින බව, එරට මාධ්‍ය වාර්තා සඳහන්‌ කරයි.

    COVID-19 වෛරසය මුලින්ම වාර්තා වුණේ, චීනයේ වූහාන්‌ නගරයෙනි.

    මේ වන විට නගරයේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ අනෙකුත් ක්‍රියාකාරකම්‌ ක්‍රමක්‍රමයෙන්‌ යථා තත්වයට පත්‌ වන බවයි, විදෙස්‌ මාධ්‍ය සඳහන්‌ කරන්නේ. කාර්මික නගරයක්‌ වන වූහාන්‌ හි විශාල වශයෙන්‌ කර්මාන්න ශාලා සහ ගෘහස්ත කර්මාන්න ක්‍රියාත්මකයි. නමුත්‌ කොරෝනා වෛරසය ව්‍යාප්න වීමත්‌ සමග එම නගරයේ කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමිණි. නගරයේ කටයුතු යළි ආරම්භ කිරීමට පෙර එහි සෑම ස්ථානයක්ම පාහේ හොඳින්‌ විෂබීජානුහරණය කිරීමට බලධාරීන්‌ පියවර ගෙන තිබේ.

    Latest News