පැය 24ට ඉතාලියෙන් මරණ 889ක්

මාර් 29, 2020

    සියලු රටවල් ඉක්මවා යමින් ඉකුත් පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ ඉතාලියෙන්.

    එම සංඛ්‍යාව 889ක්. නව ආසාදිතයින් ද 5974ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 92500කට ආසන්න වෙයි. අනතුරුව, වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ස්පාඤ්ඤයෙන්. මරණ 844ක් වාර්තා වීමත් සමග ස්පාඤ්ඤයෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 5,982ක් දක්වා ඉහළ ගොස් තිබේ. එරට නව ආසාදිතයන් 7,516ක් වාර්තා වීමත් සමග මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 73,235ක්.
    අනතුරුව, ඉකුත් පැය 24 තුළ ප්‍රංශයෙන් මරණ 319ක් වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 2,314ක් වෙයි. මරණ 260ක් එක්සත් රාජධානියෙන් වාර්තා වූ අතර, දැනට එරට සමස්ත මරණ සංඛ්‍යාව 1,019ක්. ඉරානයෙන් ද දැනට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 2,517ක්. ආසාදිතයින් 1264ක පිරිසක් සහ මරණ හතරක් වාර්තා වන රැසියාවට ද සතියක නිවාඩු කාලයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපති ව්ලැද්මීර් පුටින් තීරණය කර තිබේ

    Last modified on ඉරිදා, 29 මාර්තු 2020 13:21

    Latest News