ගත වු පැය 24 තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් අමෙරිකාවෙන්

මාර් 28, 2020

    ගතවු පැය 24 තුළත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන්.

    එම සංඛ්‍යාව 16,961 ක් වන අතර ඊයේ දිනයේ එරට පුද්ගලයින් 312 දෙනෙකු මියගොස් තිබේ.

    අමෙරිකාවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ දෙදහස් 396ක් වන අතර ලොව වැඩිම අසාදිතයින් වාර්තාවන රට සහ අසාදිතයින් ලක්ෂය ඉක්ම වු පළමු රට ලෙසද අමෙරිකාව සෞඛ්‍ය වාර්තා අතරට එක්වෙයි.

    අමෙරිකාවේ නිව්යෝර්ක් ජනපදය කොරොනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට මේ වන විට පත්ව තිබේ.

    Latest News