කැලිෆෝනියා ප්‍රාන්තයේ රිය අනතුරකින් 13ක් මරුට

මාර් 03, 2021

    අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රිය අනතුරකින් 13 දෙනෙකු මියගොස් තිබේ.

    අනතුර සිදු වුණේ, මෙක්සිකෝ දේශසීමාවට ආසන්න දකුණු දිග කැලිෆෝනියා කලාපයේ. ට්‍රේලර් ට්‍රක් රථයක් සහ එස්.යූ.වී මෝටර් රථයක් එකිනෙක ගැටී තිබේ. 12 දෙනෙකු එම ස්ථානයේදීම මියගිය බව වාර්තාවේ. අනෙක් පුද්ගලයා මියගොස් ඇත්තේ, රෝහල් ගත කිරීමෙන් අනතුරුව.

    මෝටර් රථය පාලනයෙන් ගිලිහී අධික වේගයෙන්, ට්‍රක් රථයේ ගැටී තිබේ. එස්.යූ.වී. මෝටර් රථයේ 25 දෙනෙකු පමණ ගමන්කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. සාමාන්‍යයෙන් උපරිමය පුද්ගලයින් 8 දෙනෙකු හෝ 9 දෙනෙකු ගමන් කළ හැකි රථයේ ධාරිතාවය ඉක්මවා පුද්ගලයින් ගමන් කිරීම රථය පාලනයෙන් ගිලිහී යාමට හේතු වන්නට ඇති බව පොලිසිය පවසයි. ට්‍රක් රථයේ රියදුරු සුළු තුවාල ලබා තිබේ.

    Latest News