කොරෝනා පාලනය කර ගැනීමට බ්‍රසීලය අසමත්....

පෙබ 27, 2021

    ගෝලීය එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක පසුබිමක වුවද කොරෝනා තර්ජනය පාලනය කර ගැනීමට බ්‍රසීලය අසමත් වී තිබේ.

    ලොව වැඩිම ආසාදිතයන්ගෙන් තෙවැනි ස්ථානයේ පසුවන බ්‍රසීලයේ දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවමත් පවතින්නේ ඉහළ අගයකයි.

    එරටින් ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 63,908 දෙනෙකු හඳුනා ගෙන තිබේ. එය අමෙරිකාවට පසු වැඩිම අගයයි. බ්‍රසීලයෙන් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි හාර ලක්‍ෂ 57,000කට අධිකයි. රෝගය වැළඳුණු දෙලක්‍ෂ 52,000කට අධික පිරිසක් මියගොස් තිබේ.

    Latest News