අමෙරිකාවේ නව ජනාධිපතිගෙන් ප්‍රහාරයක් සඳහා මුල්වරට අනුමැතිය

පෙබ 26, 2021

    අමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් සිරියාවේ සිටින ඉරානයේ සහය ලබන කැරළිකරුවන් 17 දෙනෙකු මියගොස් තිබේ.

    අමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන්, ධූරයේ රාජකාරි ආරම්භ කිරිමෙන් අනතුරුව ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදුන් පළමු අවස්ථාව මෙයයි. මෙම ප්‍රහාර එල්ල කිරීමට හේතුව ඔවුන් පසුගිය දිනවල ඉරාකයේ වෙසෙන අමෙරිකානු සහ එරටට හිතවත් කණ්ඩායම් වෙත ප්‍රහාර සිදු කිරීම පෙන්ටගනය පෙන්වා දුන්නේය.

    ප්‍රහාර එල්ල කෙරුනු ඉලක්ක කිහිපයක් පිළිබඳව පෙන්ටගනය නිකුත් කළ වාර්තාවේ සඳහන්. එමගින්, ඉරානයේ සහය ලබන කැරළිකරුවන් සිටින කඳවුරු කිහිපයක් විනාශ වූ බව අමෙරිකානු වාර්තාවල දැක්වේ.

    කැරලිකාර කණ්ඩායම් ඉරාකයේ අමෙරිකානු පුද්ගලයින් වෙසෙන ඉලක්ක කිහිපයකට පසුගියදා එල්ල කළ රොකට් ප්‍රහාරවලින් සිවිල් වැසියෙකු මියගිය අතර, අමෙරිකානු හමුදා භටයෙක් හා තවත් 5 දෙනෙක් තුවාල ලැබීය.

    පෙන්ටගන් වාර්තාවලට අනුව අද ක්‍රියාත්මක කළ මෙහෙයුමේ දී, ප්‍රහාරක ජෙට්යානා මගින් රාත්තල් 500යේ සෘජු ප්‍රහාරක බෝම්බ 7ක්, ඉලක්ක 7ක් වෙත යොමු කර තිබේ. ආයුධ සන්නද්ද භට පිරිස් ද දේශසීමා හරහා ගමන් කරමින් මෙහෙයුමට සම්බන්ධ වූ බව වාර්තාවේ.

    Latest News