තවත් නව කොවිඩ් එන්නතක් භාවිතයට අමෙරිකාවේ අනුමැතිය

පෙබ 28, 2021

    අමෙරිකාව, ජෝන්සන් ඇන්ඩ් ජෝන්සන් කොරෝනා වෛරස එන්නත භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබේ.

    මෙම එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් බවයි, වාර්තා වන්නේ.

    ඒ අනූව, වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින්ට හදිසි භාවිතය සඳහා එන්නත නිර්දේශ කර තිබේ. මෙය, අමෙරිකාව තුළ භාවිතයට අනුමැතිය ලබා දුන් තෙවැනි කොරෝනා වෛරස එන්නතයි.

    මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 3ක ප්‍රමාණයක් අද ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ළගා විය. එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නිවේදනය කළේ, එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීමට අපේක්ෂා කරන බවයි.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඔස්ට්‍රේලියාවේ භාවිතයට ගැණෙන දෙවැනි කොරෝනා වෛරස එන්නත වන අතර මින් පෙර භාවිතයට අවසර ලැබුණු ෆයිසර් එන්නත සේම ඵලදායී වනු ඇති බව සෞඛ්‍ය බලධාරීන්ගෙ විශ්වාසයයි.

    Last modified on ඉරිදා, 28 පෙබරවාරි 2021 11:00

    Latest News