ඕක්ලන්ඩ් දින 7කට වැසේ

පෙබ 28, 2021

    නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ්, අද සිට දින 7ක කාලයක් සඳහා නැවත වසා දමා තිබේ.

    මාසයක් තුළ නගරයේ මෙලෙස අගුලු දැමීමේ නීති ක්‍රියාත්මක වූ දෙවැනි අවස්ථාව මෙයයි. බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වූ කෙරෝනා වෛරසයේ නව ප්‍රභේදය පාලනය කිරීමේ අරමුණින්,මෙලෙස නගරය වසා දමන බවයි, එරට සෞඛ්‍ය අංශ නිවේදනය කළේ.

    බ්‍රිතාන්‍යයේ ඉකුත් පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 7,434 දෙනෙක් හඳුනාගෙන තිබේ. එය මාස 5ක් තුළ එරටින් වාර්තා වූ අඩුම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. එම කාලසීමාව තුළ එරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 290ක්.

    Last modified on ඉරිදා, 28 පෙබරවාරි 2021 11:00

    Latest News