අදට ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව ලක්‍ෂ 25 සීමාව ඉක්මවයි

පෙබ 26, 2021

    අද වනවිට ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව ලක්‍ෂ 25 සීමාව ඉක්මවා ගොස් තිබේ.

    ගෝලීය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 11ස් කෝටි 35න් ලක්‍ෂය ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 8 කෝටි 91 ලක්‍ෂය ඉක්මවයි. බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දෙලක්‍ෂ 50,000 ඉක්මවා ගියේය. පළමු කොරෝනා රෝගියා වාර්තා වී වසරක් සම්පූර්ණ වූ දිනයේම මරණ දෙලක්‍ෂ 50,000 සම්පූර්ණ වීම ද විශේෂත්වයක්.

    බ්‍රසීලයේ පළමු කොරෝනා රෝගියා වාර්තා වූයේ පසුගිය වසරේ දෙසැම්බර් 25 වැනිදා. අනතුරුව වෛරසය සීඝ්‍රයෙන් පැතිර ගිය අතර, වසරක් සම්පූර්ණ වනවිට ආසාදිත සංඛ්‍යාව එක්කෝටි හාර ලක්‍ෂයකට ආසන්න වී ඇති අතර, ඉන් ලක්‍ෂ 93කට වැඩි පිරිසක් සුවය ලබා සිටී.

    පසුගිය සති කිහිපය පුරා බ්‍රසීලයේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව දහස ඉක්මවා ගියේය. මේ වනවිට එරට වෛරසය පාලනය කිරීම ඉතා අපහසු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ, ඇමේසන් වනාන්තර කලාපයටයි. එම ප්‍රදේශවල රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණවත් අයුරින් නොලැබීමෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ.

    Latest News