ජාර් බොල්සොනාරෝට තවත් දූෂණ චෝදනාවක්

ජූලි 06, 2021

    බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොනාරෝට එරෙහිව තවත් දූෂණ චෝදනා එල්ල වී තිබේ.

    ඒ ඔහුගේ කාර්ය මණ්ඩලයේ වැටුප් සම්බන්ධ ගනුදෙනු හේතුවෙන්. බ්‍රසීල ජනාධිපතිවරයාට එරෙහිව මේ වන විට රටපුරා දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතියි. ඔහුගේ නෑදැ හිතවතුන් රැකියාවලට බඳවා ගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය චෝදනා කරයි. එමගින් ඔහු තවත් දූෂණ සහ අක්‍රමිකතා සිදු කර ඇති බවටයි,වාර්තා වන්නේ.

    එසේම, ජනාධිපතිවරයා කොරෝනා ව්‍යාප්තිය මැඩලීම සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ද ඔහුට බරපතල චෝදනා එල්ල වෙයි.

    ඔහු සැම විටම කොරෝනා වෛරසය පිළිබඳ ජනතාව නොමග යැවීමට කටයුතු කර ඇති අතර එරට බලධාරීන් විසින් පනවන ලද ඇතැම් වෛරස පාලන නීති රීතිවලට ද දැඩි ලෙස විරුද්ධ විය.

    Last modified on අඟහරුවාදා, 06 ජූලි 2021 11:02

    Latest News