ජපානයේ අටාමි නගරයේ නාය අනතුරකින් 20ක් අතුරුදන්

ජූලි 03, 2021

    ජපානයේ අටාමි නගරයේ නාය අනතුරකින් 20ක් අතුරුදන් වී තිබේ.

    පසුගිය දිනවල ප්‍රදේශයට බලපෑ අධික වැසි තත්වය අනතුරට හේතුවයි. අනතුරට ලක්වූවන්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී තිබේ. විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    අධික වර්ෂාව හේතුවෙන් ඊට බාධා එල්ල වී ඇති බව වාර්තාවේ. ජපානයේ ප්‍රදේශ කිහිපයකටම අධික වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් තත්වයක් ද හටගෙන තිබේ. හදිසි අවස්ථාවලට මුහුණදීම සඳහා කාර්ය සාධක බලකායක් ද පිහිටුවීමට අගමැති යොෂිහිඩේ සුගා විසින් පියවර ගනු ලැබීය.

    මේ වනවිට ලොව පුරා අසාමාන්‍ය කාලගුණික තත්වයන් රැසක් වාර්තා වන අතර, ගෝලීය උණුසුම ඉහළයාම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බව විශේෂඥයින් පෙන්වා දෙයි.

    Latest News