භාරතී බයෝටෙක් ආයතනය එන්නත් නිෂ්පාදනයට....

ජූලි 04, 2021

    ඉන්දියාවේ භාරතී බයෝටෙක් ආයතනය එන්නත්කරණය මගින් කොවිඩ් රෝගය පාලනය 93.4ක% ඵලදායිතාවක් පෙනුම් කරන බව පෙන්වා දෙයි.

    ඔවුන් විසින් නිෂ්පාදිත කොවැක්සීන් එන්නත් මගින් දරුණු රෝග ලක්‍ෂණ සහිත කොවිඩ් 19ට එරෙහිව ඵලදායි ප්‍රතිඵල පෙන්වා ඇති බව සඳහන්. ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිපදවූ සේරම් ආයතනය කියා සිටින්නේ, තමන් නිෂ්පාදනය කළ එන්නත ද ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්වන බවයි.

    සේරම් ආයතනය මේ මස සිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 100කට ආසන්න සංඛ්‍යාවක් නිෂ්පාදනයට පියවර ගෙන තිබේ. භාරතී බයෝටෙක් ආයතනය විසින් කොවැක්සීන් එන්නත් මාත්‍රා මිලියන 23ක් නිෂ්පාදනයට අපේක්‍ෂිතයි.

    ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ කොරෝනා නව ආසාදිතයින් 43,296 දෙනෙකු වාර්තා වූ අතර, එම කාලසීමාවේ කොරෝනා මරණ 947ක් සිදුව තිබේ.

    Latest News