පිලිපීනයේ හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 45ක් මරුට

ජූලි 04, 2021

    පිලිපීනයේ හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් මියගිය පිරිස 45 දක්වා ඉහළ ගොස් තිබේ.

    අනතුර වන අවස්ථාවේ එහි සිටි සමස්ත සංඛ්‍යාව අනූ දෙදෙනෙක්. අනතුරින් තුවාල ලැබූ 47 දෙනෙකු කඩිනමින් රෝහල් ගත කෙරිණ. තවත් තිදෙනෙකු අතුරුදන්. පිලිපීනයේ දකුණු දිග ප්‍රදේශයේ ජොලෝ දූපත ආසන්නයේ දී යානය ගොඩබැස්සවීමට සූදානම් වන අවස්ථාවේ අනතුර සිදුව තිබේ.

    යානය කඩා වැටුණු ප්‍රදේශය අබුසයිෆ් කැරලිකරුවන්ගේ බලකොටුවක් ලෙස සැලකේ. සී 130 හර්කියුලිස් වර්ගයේ යානය අනතුරට ලක්වන විට එහි හමුදා සෙබළුන් 84 දෙනෙකු, ගුවන් නියමුවන් තිදෙනෙකු හා කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනෙකු සිටි බව වාර්තාවේ.

    පිලිපීන රජය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර ඇති, අබුසයිෆ් කැරලිකරුවන්ට එරෙහි මෙහෙයුමක් සඳහා යානය ගමන් කරමින් තිබූ බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අනතුරට නිශ්චිත හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News