ප්‍රහාරයකින් හයිටි ජනාධිපති මරුට

ජූලි 08, 2021

    හයිටි ජනාධිපතිවරයාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු ඊයේ (07) ජීවිතක්ෂයට පත්විය.

    නිවේදනයක් නිකුත් කරමින් අන්තර්වාර අගමැති ක්ලෝඩ් ජෝසෆ් පැවසුවේ ජනාධිපති ජොවෙනෙල් මොයිස් සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් මියගිය බවයි.

    එම ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

    අළුයම 1ට පමණ ආයුධ සන්නද්ධ පිරිසක් ජනාධිපතිවරයාගේ නිවසට ප්‍රහාරයක් එල්ලකර තිබුණි.

    ඝාතනය කෙරුණු 53 හැවිරිදි හයිටි ජනාධිපතිවරයා 2017 සිට එම ධූරයේ කටයුතු කළේය. ඔහු ජනාධිපති ධූරයට පත්වූයේ හිටපු ජනාධිපති මිෂෙල් මාර්ටෙලි ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.

    සිය ධූරකාලය තුළදී ඔහුට එරෙහිව විවිධ දූෂණ චෝදනා එල්ල වූ අතර මොයිස් ගේ රජයට එරෙහිව ද එරට තුළ විටින්විට දරුණු උද්ඝෝෂණ ඇතිවිය.

    Latest News