'ඩෙල්ටා' නිසා අමෙරිකාවේ ආසාදිතයින් යළි ඉහළට

ජූලි 02, 2021

    කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන්, අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම 10%කින් ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. නව ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයන් එරට සෑම ප්‍රාන්තයකින්ම වාර්තා වී තිබේ.

    බ්‍රසීලයෙන් වාර්තා වූ ගැමා ප්‍රභේදය, අමෙරිකාව තුළ පැතිර යාමෙන් අනතුරුවයි, මෙම නව ප්‍රභේදය ව්‍යාප්තවෙමින් පවතින්නේ.

    අද වන විට අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3 කෝටි 45 ලක්ෂ 61,000 ඉක්මවා ඇති අතර 6 ලක්ෂ 20,000කට අධික පිරිසක් මරණයට පත්ව තිබේ.

    Last modified on සිකුරාදා, 02 ජූලි 2021 14:58

    Latest News