ඩෙල්ටා ප්‍රභේදය ආසියාව පුරා දැඩි ලෙස පැතිරයාමේ අවදානමක්....

ජූලි 03, 2021

    කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසියාව පුරා දැඩි ලෙස පැතිරයාමේ අවදානමක් පවතින බව, විදෙස් මාධ්‍ය අනතුරු අඟවයි.

    ආසියාවේ රටවල් රැසකින් මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් හමුවී ඇති අතර, ආසියානු කලාපය තුළ මැයි මාසයෙන් පසුව රෝගීන් වාර්තාවීම ද ඉහළ අගයක් ගෙන තිබේ.

    ඉන්දියාවෙන් ප්‍රථමයෙන් වාර්තා වූ මෙම ඩෙල්ටා ප්‍රභේදය කොරෝනා වෛරසයේ දැනට වඩාත් වේගයෙන් පැතිරෙන විකෘති ප්‍රභේදය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    Latest News