ෆ්ලොරීඩා ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් මියගිය ගණන 22ක්

ජූලි 03, 2021

    අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි නගරයේ සිදු වූ නේවාසික ගොඩනැගිල්ල කඩාවැටීමෙන් සිදුවු මරණ සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    තවත් 128 දෙනෙකු අතුරුදන්වී ඇති අතර මරණයට පත්වූවන් අතර වයස අවුරුදු 7ක දැරියක් ද සිටි බව වාර්තා වෙයි.

    ගොඩනැගිලි සුන්බුන් අතර සෝදිසි කිරීම අද 9 වැනි දිනටත් ක්‍රියාත්මකයි. කෙසේ වුවද කාලගුණ වාර්තා අනූව ඉදිරි දින කිහිපය තුළ ෆ්ලොරීඩා ප්‍රාන්තය වෙත බලපෑ හැකි සුළි කුණාටුවක් පිළිබඳ මේ වන විට අනතුරු අගවා තිබේ.

    මේ නිසා ඊයේ හා අද සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ විශේෂ මෙහෙයුමක් සිදු කරන බව බලධාරීන් ප්‍රකාශ කරයි. මියාමි නගරයේ ඇති තවත් පැරණි නේවාසික ගොඩනැගිලි පිළිබඳ කළ ඉංජිනේරු වාර්තා මගින් තවත් ගොඩනැගිල්ලක් කඩාවැටීමේ අවදානමක පවතින බව සොයා ගැනිණ.

    මේ නිසා ප්‍රාන්ත බලධාරීන් විසින් අදාළ අවදානම් ගොඩනැගිල්ල තුළ සිටි සියලු නේවාසික ජනතාව ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.

    Last modified on සෙනසුරාදා, 03 ජූලි 2021 12:28

    Latest News