2019 වසරේ සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදු කළ බවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින් කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් අද කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කළා.

ස්විට්සර්ලන්තයේ කොරෝනා රෝගීන්ට මියයාමට පෙර තම අවසන් කැමැත්ත හෝ ප්‍රකාශයක් කිරීමට ඇත්නම් අසාධ්‍ය වීමට පෙර තම ඒය පටිගත කිරීමට දැනුම් දීම සම්බන්ධයෙන් දැඩි මතභේද හටගෙන තිබේ.

මෑතකදී කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමති නිලධාරිනියක පැහැරගෙන ගියේ යැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් නොවැම්බර් මස 05 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෑතකදී කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ කරුණු මත අත්අඩංගුවට ගන්නා ලද සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ හිටපු මාධ්‍යවේදිනි දරීෂා බැස්ටියන් මහත්මියට අයත් ලැප්ටොප් පරිගණකය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ (Hanspeter MOCK) මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

පැහැරගත් බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ලබන සඳුදා මනෝ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකට ඉදිරිපත් කරන බව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පැහැරගැනීමට හා ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව අද (13) පස්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඇය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට රැගෙන යාමට නියමිත බව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ස්ව්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශිය නිලධාරිනිය සම්බන්ධයෙන් මේ වන විට සිදු කර ඇති පරික්ෂණවල වාර්තා පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (12) දිනයේ අධිකරණයට කරුණූ ඉදිරිපත් කිරිමට නියමිතයි.

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට CIDයට ප්‍රකාශයක් ලබා දෙන තුරු විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් තර තිබේ.

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කරාතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

Latest News