ලොව බිලියන 1.3ක කිතුණුවන් නියෝජනයෙන් වතිකානයේ අද

දෙසැ 25, 2019

    ලොව පුරා කිතුණුවන් ද මහත් හරසරින් නත්තල සැමරීමට එක් විය. රාත්‍රී දේව මෙහෙය හා විවිධ වැඩසටහන් ඒ වෙනුවෙන් ලොව පුරා රටවල් රැසක සංවිධාන කර තිබිණ.

    ලොව බිලියන 1.3ක කිතුණු ප්‍රජාව නියෝජනය කරමින් ප්‍රධාන දේව මෙහෙය ඊයේ රාත්‍රී පැවැත්විණ. වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී. ඒ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.
    අතිඋතුම් ශූද්ධෝත්තම පාප් වහන්සේ පැමිණ සිටි දහස් සංඛ්‍යාත පිරිසට කියා සිටියේ, දෙවියන් වහන්සේ අප සියලුදෙනාට ආදරය කරන බවයි.

    ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ උපත ලැබූ බෙත්ලෙහෙම් නගරයේ ද දේවමෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රී පැවැත්විණ. පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියේය. අලංකාරවත්ව සරසා තිබූ බෙත්ලෙහෙම් මැන්ගර් චතුරඝ්‍රයට පැමිණි දහස් සංඛ්‍යාත සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්විය.

    Last modified on බදාදා, 25 දෙසැම්බර් 2019 11:56

    Latest News