ඉන්දීය පුරවැසි පනතට එරෙහි පෙත්ම විභාගය ඇරඹේ

දෙසැ 19, 2019

    නව පුරවැසි පනත අභියෝගයට ලක් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් විභාගයට ගැනීම ඊයේ ආරම්භ කෙරිණ.

    එම පනතට විරෝධය පළ කරමින් දහස් සංඛ්‍යාත පිරිසක් පෙළපාලි සංවිධාන කළ බවයි, වාර්තා වන්නේ. මෙම පනත ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, අසල්වැසි මුස්ලිම් රටවල හිංසනයට ලක්වූ ආගමික සුළුතරයන්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබාදීම සඳහායි.

    පනත අභියෝගයට ලක් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති පෙත්සම් සංඛ්‍යාව 60ක්. පෙත්සම් විභාගයට ගැනීමෙන් පසු, ඊට සම්බන්ධ කරුණු පැහැදිලි කරන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මධ්‍යම රජයට දැනුම් දී තිබේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දීය රජයේ නව පුරවැසි පනතට විරෝධය දක්වන්නේ, විපක්ෂ බලවේග පමණක් බවයි, ඔවුන්ගේ විරෝධතා මැද කිසිඳු අවස්ථාවක පනත හකුලා නොගන්නා බව, ඔහු අවධාරණය කර තිබේ. නව පුරවැසි පනතට එරෙහි විරෝධතාවන්වල දී, උද්ඝෝකයන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් හටගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 දෙසැම්බර් 2019 11:00

    Latest News