දෝෂාභියෝග ඡන්ද විමසීමේ දී ට්‍රම්ප්ට පරාජය

දෙසැ 19, 2019

    නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු දෝෂාණියෝග ඡන්ද විමසීමේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්ව තිබේ.

    ඒ අනූව, අමෙරිකානු සෙනෙට් මණ්ඩලය ඉදිරියේ දෝෂාභියෝගයට ලක්වන තෙවැනි එක්සත් ජනපද ජනාධිපතිවරයා ට්‍රම්ප් වනු ඇති බවයි වාර්තා වන්නේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩල ඡන්ද විමසීමේ දී දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230ක් ලැබී තිබේ. විපක්ෂව ලැබුණ ඡන්ද සංඛ්‍යාව 197ක්.

    නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට නම් ඡන්ද 216ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගත යුතුවෙයි. සිය බලතල අනිසි ලෙස භාවිත කිරීම හා කොංග්‍රසයේ ක්‍රියාවලියට බාධා කිරීම යන චෝදනා ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වී තිබේ. සිය දේශපාලන ප්‍රතිවාදී ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක් පවත්වා ඔහු අපකීර්තියට පත් කරන ලෙස යුක්‍රේනයට බලපෑම් කිරීම ජනාධිපති ට්‍රම්ප්ට එම චෝදනා එල්ලවීමට මූලික හේතුවයි. ඒ අනූව, දෝෂාභියෝගයට අදාළ සෙනෙට් නඩු විභාගය ලබන ජනවාරි මස දී පැවැත්වෙනු ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 දෙසැම්බර් 2019 08:32

    Latest News