පර්වේස් මුෂාරෆ් ට මරණ දණ්ඩනය

දෙසැ 17, 2019

    පකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් ට එ රට අධිකරනයෙන් අද(17) මරණීය දණ්ඩනය නියම කෙරුණි.

    එරට විශේෂ අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව තිබු රාජ ද්‍රෝහී චෝදනා පිළිබඳ නඩු විභාගය අවසන් කරමින්ය.

    ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විභාග විය. එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ පෙෂාවර් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු වකාර් අහ්මඩ් සෙත් ය.

    නඩුව විභාග වූයේ හිටපු ජනාධිපතිවරයාගේ සහභාගීත්වයකින් තොරවය. ජෙනරාල් පර්වේස් මුෂාරෆ් මේවන විට ඩුබායි රාජ්‍යයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. නඩු විභාගය ආරම්භ වූයේ 2013 වසරේදී ය.

    මේ සම්බන්ධයෙනක් මුෂාරෆ්, ඩුබායි රෝහලේ සිට වීඩියෝ ප්‍රකාශක්ද ලබා දුන් බව අධිකරණ වාර්තාවල සදහන් වේ.

    Latest News