දේශගුණික විපර්යාස වෙනුවෙන් 'කොප් 25' සමුළුව ඇරඹේ

දෙසැ 02, 2019

    දේශගුණික විපර්යාස පිටු දැකීම සඳහා කැපවීමෙන් ක්‍රියා කරන ලෙස ඉල්ලා ලොව පුරා රටවල් 153ක, නගර 2300ක ජනතාව පසුගිය කාලය පුරාවට උද්ඝෝණ දියත් කර තිබේ.

    ඒ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරදී ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව මුල්කර ගනිමින්. කොප් 25 ලෙස හැඳින්වෙන සමුළුව අද ආරම්භ වෙයි. රටවල් 197ක නියෝජිතයන් මේ සඳහා සහභාගිවීමට නියමිත බවයි වාර්තා වන්නේ. වායුගෝලයේ හරිතාගාර වායු ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක කාලගුණ සංවිධානය පසුගියදා නිවේදනය කළේය. යුරෝපා සංගමය ද කාලගුණික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කොට තිබේ.

    2015 වසරේ ඓතිහාසික පැරිස් සමුළුවේ දී ඇති කරගත් යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම ද මෙවර සමුළුවේ වැදගත් අරමුණක්. කොප් 25 සමුළුවට යුරෝ මිලියන 50ක මුදලක් වැය වනු ඇති බවයි, ස්පාඤ්ඤ රජය ප්‍රකාශ කරන්නේ. සමුළුව ලබන 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

     

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 08:17

    Latest News