දූත පිරිසට 21 දෙනෙකු ඇතුළත්. ඔවුන්, ලබන 7 වැනිදා සිට 10 වැනිදා දක්වා කාම්බෝජයේ සංචාරය කරනු ඇති. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අන්තර්ජාතික වෙළෙඳපොළට හඳුන්වාදෙමින් ප්රතිලාභ රැසක් එමගින් ලබාගත හැකි බවයි, ව්‍යාපාරිකයින් පවසන්නේ.
දූත පිරිසේ නායකත්වය දරන්නේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සාරංග විජයරත්න මහතායි. ඇඟලුම් ඇතුළු ක්ෂේත්‍ර 35ක් සම්බන්ධයෙන් දූත පිරිස කාම්බෝජයේ ව්‍යාපාරිකයින් සමඟ සාකච්ජා කිරීමට නියමිතයි.