මත්ස්‍ය හා සමුද්‍ර කලාපීය සමුළුව අද සිට‍

ජූලි 10, 2019

    ඌන උපයෝගී මත්ස්‍ය හා සමුද්‍ර ආශ්‍රිත ජාන සම්පත් හා ඒවායේ සංවර්ධනය සම්බන්ධ කලාපීය සමුළුව අද (10) සිට ආරම්භ වෙයි.

    ආසියා පැසිෆික් කෘෂිකර්ම පර්යේෂණ සංගමයේ සහයෝගය ඇතිව ඌන උපයෝගී මත්ස්‍ය හා සමුද්‍ර ආශ්‍රිත ජාන සම්පත් හා ඒවායේ සංවර්ධනය සම්බන්ධ කලාපීය සමුළුවක් ලෙස මෙය පැවැත්වෙයි. මෙම සමුළුව ජූලි මස 10 සිට 12 දක්වා නාරා ආයතනයේ දී පැවැත්වෙයි.

    කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ වෙයි.

    Last modified on බදාදා, 10 ජූලි 2019 08:04

    Latest News