ත්‍රස්ත ප්‍රහාරයකට සැරසුණු තරුණයාට සිඩ්නි නුවරදී මාංචු

දෙසැ 05, 2019

    ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තරුණයෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහුගේ වයස අවුරුදු 21ක් බවයි, වාර්තා වන්නේ. මෙම තරුණයා ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක සාමාජිකයෙකු වන බව විදෙස් පුවත් වාර්තා කරයි. වෙබ් අඩවිවල අදහස් පළ කිරීම් සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ. සුප්‍රකට ලන්ඩන් පාලම මත පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සින අනුගාමිකයෙකු විසින් සිදු කරන ලද බවට අයිඑස් සංවිධානය පසුගියදා ප්‍රකාශ කර තිබිණ. එවන් අවස්ථාවක දී මෙම තරුණයා අත්අඩංගුවට ගැනිණ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 09:43

    Latest News