ණය කප්පාදුවට උරණවූ ගොවීන් පාරට

දෙසැ 01, 2018

    දස දහසක ගොවීන් ඉන්දියාවේ නවදිල්ලි නුවර දී විරෝධතාවක නියැලී තිබේ.

    ණය කප්පාදු කිරීම ඇතුළු ගොවි සහන ලබාදෙන ලෙසයි, ඔවුන් ඉල්ලා සිටින්නේ. කෘෂි නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ගෙවීමට පියවර ගැනීමත්, ගොවි ණය කපාහැරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජයෙන් ඔවුන් ඉල්ලා සිටී. ඉන්දීය පාර්ලිමේන්තුවට ඔවුන්ගේ සංදේශය ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාගැනීම මෙම උද්ඝෝෂණයේ අරමුණයි. පසුගිය බ්‍රහස්පතින්දා සිට මෙම ගොවීන් පාගමනින් නවදිල්ලි නුවරට පැමිණියහ.

    විරෝධතාව හේතුවෙන් විශේෂ පොලිස් බලඇණි යොදාගනිමින් දිල්ලි නුවර ආරක්ෂාව ද තරකර තිබෙනු දැගන්නට ලැබුණි. ආන්ද්‍රා ප්‍රදේශ්, තමිල්නාඩු, මධ්‍ය ප්‍රදේශ්, උත්තර ප්‍රදේශ්, බටහිර බෙංගාල සහ මහා රාෂ්ට්‍ර වැනි ප්‍රාන්තවල සිට ගොවීන් දුම්රියේන සහ ට්‍රැක්ටර්වලින් නවදිල්ලියට පැමිණ තිබේ.

    මෙම උද්ඝෝෂණ සඳහා එරට විපක්ෂයේ ද සහය ලැබී තිබේ. එරට මහ මැතිවරණය සහ ප්‍රාදේශීය මැතිවරණ සඳහා දින නියම වී ඇති පසුබිමක ගොවීන් මෙලෙස උද්ඝෝෂණය කිරීම දින නියම වී ඇති පසුබිමක ගොවීන් මෙලෙස උද්ඝෝෂණය කිරීම අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ රජයට දැඩි පීඩනයක් බවයි, විදෙස් විචාරකයින් සඳහන් කරන්නේ. ගොවි ගැටලු නිසා ඉන්දියාවේ ගොවීන් සිය දිවි නසා ගැනීම්වලට නැඹුරු වී සිටියි. 1995 වසරේ සිට මේ දක්වා ගොවීන් ලක්ෂ තුනක් පමණ සියදිවි හානි කරගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News