Twitter දේශපාලන දැන්වීම් වාරණයට සැරසේ

ඔක් 31, 2019

    ට්විටර් සමාජ මාධ්‍යජාලය තුළ සියලුම දේශපාලන දැන්වීම් පළ කිරීම තහනම් කිරීමට එම සමාගම සූදානම් වේ.

    ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ දේශපාලනික පණිවුඩ මුදල් ගෙවා ප්‍රචාරය නොකළ යුතු ඒවා වන අතර ඒවායේ ඇති වටිනාකම අනුව ප්‍රචාරණය උපයාගත යුතු දෙයක් ලෙසයි.

    එහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝසි ප්‍රකාශ කරන්නේ, අන්තර්ජාල දැන්වීම්කරණය ප්‍රබල අවදියක මෙම තහනම් කිරීම දේශපාලන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවයි.

    මේ ක්‍රියා මාර්ගය පිළිබඳව යහපත් ප්‍රතිචාර මෙන්ම විවේචනද එල්ල වී තිබේ. ඒ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ කළමනාකරු සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට ට්විටර් ආයතනය මෙම පියවර ගෙන ඇති බවයි.

    Twitter සමාගම පැනවූ දේශපාලන ප්‍රචාරණ තහනම ලබන නොවැම්බර් මස 22 වැනිදා සිට බලාත්මක වන අතර Twitter වෙබ් අඩවිය මේ බව සදහන් කළේ, සිය වෙඩ් අඩවිය තුළ දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා තහනම් පැනවීමක් සිදුනොකරන බව, Facebook වෙබ් අඩවිය ප්‍රකාශ කිරීමෙන් පසුවය.

    ෆේස්බුක් සමාජජාලය හරහා දේශපාලනික දැන්වීම් ප්‍රචාරණය තහනම් කිරීමට ගත් තීරණයක් ‍එහි ප්‍රධානී මාර්ක් සකර්බර්ග් විසින් පසුගිය දා ඉවත දමනු ලැබිණි.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ඔක්තෝබර් 2019 09:50

    Latest News