පකිස්ථානයේ දුම්රියක් ගිනිගනී – 73 ක් මරුට

ඔක් 31, 2019

    පකිස්ථානයේ කරච්චි සිට ලාහෝර් දක්වා ධාවනය වෙමින් පැවති දුම්රියක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 73ක් මිය ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

    මැදිරියක් තුළ ගෑස් සිලින්ඩරයක් භාවිතා කරමින් ආහාර පිසීමට යාමේ දී ගින්න ඇති වී තිබෙන බව වාර්තා වේ.

    එයින් ඇති වූ ගින්න මැදිරි තුනක් දක්වා පැතිරී ගොස් තිබේ. ගින්නෙන් බේරීම සඳහා ධාවනය වන දුම්රියෙන් පැනීම හේතුවෙන් විශාල පිරිසක් මියගොස් ඇතැයි එරට බලධාරීන් පවසති. අනතුර හේතුවෙන් පුද්ගලයන් 40ක් පමණ තුවාල ලබා ඇති අතර මිය ගිය ප්‍රමාණය තවත් ඉහළ යනු ඇතැයි වාර්තා කරයි.  අනතුර සිදුවූ ප‍්‍රදේශය ආසන්නයේ රෝහලක් නොමැතිවීමෙන් තුවාල කරුවන් රැගෙනයාම ප‍්‍රමාද වී තිබේ.

    Latest News