තමිල්නාඩුවේ ළිඳක සිරවූ දරුවා බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත්

ඔක් 28, 2019

    තමිල්නාඩුවේ, ගැඹුරු ලිඳක සිරවූ දරුවා බේරාගැනීමේ මෙහෙයුම් තෙවැනි දිනටත් දීර්ඝ වී තිබේ.

    දරුවාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීමේ හැකියාවක් නැතැයි, සහන සේවකයන් පවසයි. දෙහැවිරිදි සුජිත් විල්සන් නමැති දරුවා සෙසු ළමුන් පිරිසක් සමඟ ක්‍රීඩා කරමින් සිටිය දී අත්හැර දැමූ පටු ළිං කුහරයක ඇද වැටුණේ, පසුගිය සිකුරාදායි.

    මේ දක්වා ඉන්දීය රජය හා ස්වෙච්ජා සහන සේවකයන් ඔහු බේරාගැනීම සඳහා දැඩි ප්‍රයත්නයක යෙදී සිටියි. ළිං කුහරයට ඔක්සිජන් වායුව පොම්ප කරමින් පවතින්නේ, දරුවාගේ හුස්ම ගැනීම පහසු කරවීමේ අපේක්ෂාවෙන්. එහෙත් ඔහු කුමන තත්වයක පසුවන්නේ දැයි, නිශ්චිතව කිව නොහැකි බව වෛද්‍ය කණ්ඩායම් ප්‍රකාශ කරයි. මේ අතර, ඉන්දියාව පුරා විවිධ ආගමික දේවස්ථනවල දරුවාගේ ආරක්ෂාව පතා පුද පූජා පැවැත්විණ.

    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2019 16:58

    Latest News