ISIS නායක අබුබකර් අල් බග්ඩාඩ් ඝාතනය වු බවට අමෙරිකානු ජනාධිපති සහතිකයක්

ඔක් 27, 2019

    අයි.එස්.අයි.එස්. සංවිධානයේ නායක අබුබකර් අල් බග්ඩාඩ් ඝාතනය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කරයි.

    මීට සුළු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ අමෙරිකානු හමුදා උතුරු දිග සිරියාවේ ඊයේ සිදු කළ ප්‍රහාරයකදී ඔහු මියගිය බවයි. අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ දී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. අමෙරිකානු හමුදා මෙහෙයුම් අතරතුර පුපුරුවා ගැනීමකින් ඔහු සියදිවි හානිකර ගෙන ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා පවසයි. 48 හැවිරිදි අබුබකර් අල් බග්ඩාඩ් සොයා ගැනීම සඳහා අමෙරිකාවේ සී.අයි.එස්. හෙවත් මධ්‍යම බුද්ධි අංශයේ සහයෝගය ද ලැබී තිබේ.

    අල් බග්ඩාඩ් ප්‍රසිද්ධියට පත්වූයේ 2014 වසරේදී ඉරාකය සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යක් නිර්මාණය කරන බවට ඔහු සිදු කළ ප්‍රකාශයක් සමඟයි. ඔහුගේ නියම නම වන්නේ ඊබ්‍රාහිම් අව්වාඩ් ඊබ්‍රාහිම් අල්බද්‍රි. ඔහු හැඳින්වුණේ ලොව වඩාත්ම අවශ්‍යම පුද්ගලයා ලෙසයි.

    Last modified on ඉරිදා, 27 ඔක්තෝබර් 2019 20:42

    Latest News