ඩාවින්චිගේ නිර්මාණ ප්‍රදර්ශනයක් ප්‍රංශයෙන් ඇරඹේ (ඡායාරූප)

ඔක් 25, 2019

    දස වසරක සූදානමකින් පසුව ශ්‍රේෂ්ඨ කලාකරු ලියනාඩෝ ඩිවින්ඩිගේ නිර්මාණ ප්‍රදර්ශනයක් ඊයේ ප්‍රංශයේ ආරම්භ විය.

    ඒ ඩිවින්චි මියගොස් වසර 500ක් සම්පූර්ණ වීමට සමගාමීවයි. මෙය ලොව වඩාත්ම වටිනා නිර්මාණ ප්‍රදර්ශනවලින් එකක් බවයි, සංවිධායකයින් පවසන්නේ. ප්‍රදර්ශනය ආරම්භ වුණේ, පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ. ඊට පුනරුද සමයට අයත් ඩිවින්චිගේ චිත්‍ර සහ සිතුවම් 160ක් පමණ අන්තර්ගතයි. ඇතැම් ඒවා බ්‍රිතාන්‍ය මහ රැජිනගේ එකතුවෙන් රැගෙනවිත් තිබේ. ඇය ඊට නිර්මාණ 24ක් ලබා දී තිබේ. ඊට අමතරව බිල් ගේට්ස් ද තමා සතුව තිබූ නිර්මාණ ඊට ලබා දී තිබේ. ඊට අමතරව, බිල් ගේට්ස් ද තමා සතුව තිබූ නිර්මාණ ඊට ලබා දී තිබේ. ප්‍රදර්ශනය මාස 4ක පමණ කාලයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. එය නැරඹීමට ලක්ෂ 6ක පමණ පිරිසක් පැමිණෙනු ඇතැයි, සංවිධායකයින් අපේක්ෂා කරයි. ඩාවින්චිගේ අග්‍රගන්‍යම සහ වඩාත්ම ප්‍රසිද්ධම සිතුවමක් වන මොනාලිසා මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කර නොමැත. නමුත් එය ප්‍රදර්ශනය පැවැත්වෙන ලූවර් කෞතුකාගාරයේ පෙර තිබූ ස්ථානයේම අධිආරක්ෂිත වීදුරු ආවරණය සහිතවම ප්‍රදර්ශනය කර තිබේ. මෙම ප්‍රදර්ශනයේ දී නවීන අධොරක්ත ස්කෑන් ක්‍රම මාර්ගයෙන් පැරණි සිතුවම්වල විශේෂතා නරඹන්නට දැක ගැනීමට අවස්ථාව සලසා තිබේ. ඩාවින්චිගේ නිර්මාණවලට ප්‍රංශය හිමිකම්කීම පිළිබඳව ඉතාලිය හා ප්‍රංශය අතර රාජතාන්ත්‍රික අර්බුදයක් ද හටගෙන තිබේ.

    එහිදී ඩිවින්චිගේ මිනිස් ශරීරය දැක්වෙන තවත් වටිනා සිතුවමක් ප්‍රදර්ශනය සඳහා ප්‍රංශයට යැවීම ඉතාලි ලබධාරීන් ප්‍රතික්ෂේප කරන අතර, පසුව නඩු තීන්දුවකින් එය ප්‍රදර්ශනය ලබාදීමට තීරණය කෙරෙන්නේ, එය ආරම්භ වීමට සතියක් තිබියදී. ඉංජිනේරුවෙක්, නිර්මාණ ශිල්පියෙක්, විද්‍යාඥයෙක්, මූර්ති ශිල්පියෙක්, ගණිතඥයෙක් හා කලාකරුවෙක් වන ලියනාඩෝ ඩාවින්චිගේ නිර්මාණ ලොව වඩාත්ම වටිනා නිර්මාණ ලෙස හැඳින්වේ. හෙලිකොප්ටර්,සබ්මැරීන,මාලිමා ඇතුළු බොහෝ යන්ත්‍රවල කටු සටහන් ඔහු මීට වසර 500 ගණනකටත් ඉහත දී සටහන් කර තිබිණ. එසේම, ඩාවින්චි, මිනිස් ශරීරය විච්ජේදනය කර අදින ලද සටහන් නවීන ස්කෑන් පරීක්ෂණවලින් වෙනස් වන්නේ, ඉතාමත් අල්ප වශයෙන්. ඔහු 1452 ඉතාලියේ ටුස්කානි ප්‍රදේශයේ උපත ලැබීය. ඔහු 1519 දී මිය යන්නේ ප්‍රංශයේදී. ඒ ෆ්‍රැන්සිස් රජතුමාගේ විශේෂිත අමුත්තෙක් ලෙස ජීවිතයේ අවසන් කාලය ගත කිරීමෙන් පසුවයි.

    s115860568

    40552609 303

     109327434 mainface

     109328373 table

     109330180 stillfrommonalisabeyondtheglasscourtesyemissiveandhtcvivearts 6

    p07rw4bm

     109329644 wolf

     109330178 compass

    Last modified on සිකුරාදා, 25 ඔක්තෝබර් 2019 11:57

    Latest News