වෙළඳ ඉලක්කයකට බ්‍රසීල හා චීන නායකයන් හමුවෙයි

ඔක් 26, 2019

    ද්විපාර්ශවික වෙළෙඳාම ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන්, බ්‍රසීල ජනාධිපති, චීන රාජ්‍ය නායකයා ඊයේ හමුවිය.

    බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ පිළිගැනීමට, චීනය, විශේෂ උත්සවයක් සංවිධාන කර තිබූ බවයි, වාර්තා වන්නේ.

    චීන නායක ෂී ජින් පිං සමග ද්විපාර්ශවික රැස්වීමකට පසු තම එකඟත්වයන් අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගී වී තිබේ. මීට පෙර චීන උප අගමැති ප්‍රවෘත්ති සාකච්ජාවක් අමතමින් කියා සිටියේ, ද්විපාර්ශවික වෙළඳාම ඉහළ නැංවීම සඳහා චීනය, බ්‍රසීලයෙන් කෘෂිකාර්මික හා කාර්මික භාණ්ඩ ආනයනය වැඩි කිරීමට කැමැත්තෙන් සිටින බවයි. චිනය, බ්‍රසීලයේ විශාලතම වෙළඳ හවුල්කරුවා හා විශාලතම විදේශ ආයෝජන ප්‍රභවය වෙයි. පසුගිය වසරේ ද්විපාර්ශවික වෙළඳාම වාර්තාගත ඩොලර් බිලියන 100 දක්වා ඉහළ ගොස් තිබූ බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සෙනසුරාදා, 26 ඔක්තෝබර් 2019 11:36

    Latest News