නොත්‍ර-දාම් ගින්න ගැන සැකයක් ..... සත්‍ය සෙවිම ඇරඹේ

අප්‍රේ 17, 2019

    ප්‍රංශයේ නොත්‍ර-දාම් දේවස්ථානයේ ගින්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    ගින්නෙන් සිදු වූ හානිය තක්සේරු කරමින් පවතින බවයි, ප්‍රංශ බලධාරීන් පවසන්නේ. ප්‍රංශයේ ප්‍රතිමූර්තියක් වූ ඓතිහාසික නොත්‍ර-දාම් දේවස්ථානයේ ඇතිවූ ගින්නෙන් එහි උල් හැඩැති කුළුන හා වහලය විනාශ විය. ඝණ්ඨාර කුළුණුවලට කිසිඳු හානියක් සිදු නොවීය.

    400කට අධික ගිනි නිවන භටයින්ගේ දැඩි උත්සහය නිසා දේවස්ථානයේ වටිනා පෞරාණික නිර්මාණ කිහිපයක් ආරක්ෂා කර ගැනීමට ද හැකිවිය.

    ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ක්‍රිස්ටොෆර් කැස්ට්නර් පවසන්නේ, හානියට පත් සියලු ඉදිකිරීම් යළි ගොඩනගන බවයි. ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රංශ රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට සිය සහයෝගය පළ කරන බව යුරෝපා කොමිසමේ සභාපති ජොන් ක්ලෝඩ් ජුන්කර් පවසයි. ප්‍රංශයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ද දේවස්ථානයේ ඉදිකිරීම් සඳහා මූල්‍ය ආධාර පිරිනැමීමට කැමැත්ත පළ කර තිබේ.

    Last modified on බදාදා, 17 අප්‍රේල් 2019 16:35

    Latest News