තුර්කියට එරෙහි සම්බාධක ඉවත් කරන බව අමෙරිකානු ජනපති කියයි

ඔක් 25, 2019

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කළේ ධවල මන්දිරයේදීයි.

    තුර්කිය සිරියාවේදී ක්‍රියාත්මක කරන යුධ මෙහෙයුම් නතර කරමින් දිගු කාලීනව සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව තුර්කිය අමෙරිකාවට දන්වා තිබේ.

    ඒ හේතුවෙන් අදාළ සම්බාධක ඉවත් කෙරෙනු ඇතැයි, ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කළේය.

    එහෙත් සුළු ජාතිකයින් සුරක්ෂිත කිරී‍මේ වගකිම තුර්කිය ඉටු නොකළහොත් තුර්කියට එරෙහිව නව සම්බාධක පැනවීමේ අයිතිය අමෙරිකාවට තිබෙන බව, හෙතෙම අවධාරණය කළේය.

    එමෙන්ම වෙනත් රටවල් සිරියානු ප්‍රශ්නයට සහය ලබාදීම අමෙරිකාව පිළිගන්නා බව ද හෙතෙම පැවසීය.

    තුර්කිය උතුරු සිරියාවේ සිදුකළ යුධ මෙහෙයුම් කලාපීය සාමයට හා ස්ථාවරත්වයට තර්ජන එල්ල කළ බව පවසමින් පසුගිය 14 වැනි දින අමෙරිකාව තුර්කියට එරෙහිව විවිධ සම්බාධක පනවා ඇත.

    පසුගිය 17 වැනි දින තුර්කියේ සංචාරයක නිරත වූ අමෙරිකානු උප ජනාධිපති Mike Pence මහතා තුර්කි ජනාධිපතිවරයා හමුවිය.

    එහිදී තුර්කි හමුදාව උතුරු සිරියාවේ තාවකාලික සටන් විරාමයක් පැවැත්වීම හා ආරක්ෂක කලාපයක් ස්ථාපිත කිරීම පිළිබඳව ද දෙරට සමඟ ගිවිසුමකට එළබින.

    Latest News