දිනෙන් දින උණුසුම් වන බ්‍රසීල මහ මැතිවරණය

සැප් 29, 2022

    බ්‍රසීලයේ මහ මැතිවරණය ලබන මස දෙවැනි දින පැවැත්වීමට නියමිතයි.

    එරට ජනාධිපති, උප සභාපති සහ ජාතික කොංග්‍රසය එමගින් තෝරා පත් කර ගැනීමට අපේක්‍ෂිතයි. දැනට පවතින දත්ත අනුව බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා, වත්මන් ජනාධිපති බොල්සනාරෝට වඩා ඉදිරියෙන් පසුවන බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා‍.

    ඊයේ සිදු කළ ජනමත විමසුමේ දී හෙළි වී ඇත්තේ, හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට එළඹෙන මහ මැතිවරණයේ පළමු වටයෙන් සියයට 46 ක ඡන්ද ප්‍රමාණයක් හිමිවෙනු ඇති බවයි. වත්මන් ජනාධිපති ජයිර් බොල්සනාරෝ සියයට 33 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගනු ඇති බවට අපේක්‍ෂා කෙරෙනවා. දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, වත්මන් ජනාධිපතිවරයා පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ හොත්, මැතිවරණ ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා විය හැකි බවයි. මහ මැතිවරණ කාලසීමාවේ සහ ඉන් පසුව ද බ්‍රසීලයේ නොසන්සුන් තත්වයක් හට ගත හැකි බව, ඔවුන් පවසනවා.

    බ්‍රසීල ජනාධිපතිවරයාගේ ප්‍රබල ආධාරකරුවන්, එරට විද්‍යුත් ඡන්ද ක්‍රමය වංචාවකට ගොඳුරු විය හැකි බවට කිසිඳු සාක්‍ෂියක් සපයා නොමැති බවට, චෝදනා කරනවා. නීති විශාරදයින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් පවසන්නේ, හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ‍යේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කොට එරට කැළඹීමක් ඇති කළා සේ වත්මන් බ්‍රසීල ජනපතිවරයා ද එලෙස සිදු කිරීමට ඉඩ ඇති බවයි.

    Latest News