"ඩෝරියන්" අමෙරිකාවේ ගොඩබිම් දෙසට

අගෝ 30, 2019

    ඩෝරියන් සුළි කුණාටුව අමෙරිකානු ගොඩබිම දෙසට හමා එමින් පවතින බව, එරට ජාතික හරිකේන් මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

    ෆ්ලොරීඩා ප්‍රාන්තය පුර හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ. ඩෝරියන් සුළි කුණාටුව ලබන පළමු වැනිදා පස්වරුවේ ෆ්ලොරීඩා හා දකුණු ජෝර්ජියා ප්‍රදේශයෙන් අමෙරිකාවට ඇතුළුවීමට නියමිතයි. මේ වන විට එය පවතින්නේ, පළමු කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙසයි. අමෙරිකානු ප්‍රධාන භූමියට එය ඇතුළුවන විට සිව්වැනි කාණ්ඩයේ අතිශයින් භයානක සුළි කුණාටුවක් ලෙසට වර්ධනය වනු ඇති බවට අමෙරිකානු කාලගුණ බලධාරීන් පවසයි.

    පැයට කිලෝ මීටර 209ක පමණ සුළගේ වේගයකින් එය හමාඑනු ඇති බවයි, අපේක්ෂා කෙරෙන්නේ. සුළි කුණාටුව හේතුවෙන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය පෝලන්ත චාරිකාව අවලංගු කර තිබේ. ප්‍රාන්තයේ ජනතාවට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට බලධාරීන් උපදෙස් දී ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on සිකුරාදා, 30 අගෝස්තු 2019 14:47

    Latest News