"බයිපාර්ජෝයි" නිසා ගුජරාටයට දැඩි බලපෑම්

ජූනි 12, 2023

    ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට බයිපාර්ජෝයි සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

    බලධාරීන් කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර, සුළි කුණාටුව ඇතිවීමත් සමග පහත්බිම්වල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. ඊයේ මුම්බායි සහ මහාරාෂ්ට්‍ර යන ප්‍රදේශවල දැඩි සුළං සහ අධික වර්ෂාපතනයක් පැවතියා. සුළි කුණාටුව නිසා ගුවන් ගමන් වාර රැසක් ද අත්හිටුවා තිබුණා. මුම්බායි ගුවන් තොටුපොළේ දැඩි කළබලකාරී තත්වයක් ඊයේ පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

    Latest News