සුළි කුණාටුවක පෙරනිමිති

මැයි 07, 2023

    ඒ අනූව, ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහා නාවික යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ, ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය ඉදිරි දින කිහිපයේ දී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධන වී පසුව සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනූව, මෙම නිවේදනය හෙට (08) පස්වරු 3.00 දක්වා බලපැවැත්වෙනවා.

    උතුරු අක්ෂාංශ 5-10ත් අතර, නැගෙනහිර දේශාංශ 90 - 100 අතර සහ උතුරු අක්ෂාංශ 1 - 4 ත් සහ නැගෙනහිර දේශාංශ 85 - 92ත් අතර මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ දී යාත්‍රා නොකරන ලෙස  ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

    ඒ අනූව එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

    Latest News