පීඩන අවපාතය සුළි කුණාටුවකට වර්ධනය වේ

ඔක් 25, 2022

    බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර් ධනය වී තිබේ.

    එම සුළි කුණාටුව නම් කර ඇත්තේ, 'සිට්රෑන්ග්' ලෙසයි. අද (25) උදෑසන වනවිට එය බංග්ලාදේශ වෙරළ තීරයට ගමන් කරනු ඇති.

    මෙම සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නැතැයි, කාලගුණ විද්‍යා බලධාරීන් පවසයි.

    කෙසේ වෙතත්, අද දිනයේත් බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    මේ අතර මහවැලි සහ කැලණි ගඟ භාවිතයේදී විමසිලිමත් වන ලෙස වාර්මාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

    එමෙන්ම, අධික වැසි හමුවේ ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නිකුත් කල නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 25 ඔක්තෝබර් 2022 08:44

    Latest News