6කට දිවි අහිමි කළ ගින්න

අගෝ 23, 2024
    දකුණු කොරියාවේ බුචියොන් නගරයේ ගොඩනැගිල්ලක ඇති වු ගින්නකින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන්.

    ගින්න ඊයේ රාත්‍රි හටගෙන ඇත්තේ දකුණු කොරියාවේ බුචියොන් නගරයේ මහල් ගොඩනැගිල්ලකයි.
    විදුලි කාන්දුවක් මීට හේතුව බව බලධාරින් පවසනවා.
    මෙහිදී මරණ දෙකක් සිදුව ඇත්තේ ගොඩනැගිල්ලෙහි සිටි පිරිස ගින්නෙන් බේරීම සඳහා ගිනි නිවන ආරක්ෂක නිලධාරින් විසින් සපයන ලද වායු මෙට්ටයක් මතට පැනීමේදි එය පෙරලී යාමෙන්.
    ඒ පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මකයි. ගින්නෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයින්ට අමතරව විෂ දුමාරය ආග්‍රහණය වීමෙන් තවත් පිරිසක් රෝහල් ගත කරනු ලැබුවා.

    Latest News