ගූගල්වලින් Android වලට තවත් තහංචියක්

අගෝ 21, 2019

    ජංගම දුරකථන සේවා සපයන්නන් හට ඇන්ඩ්‍රෙයිඩ් දුරකථනවල භාවිතා කරන්නන්ගේ දත්ත ලබාදීම නතර කිරීමට ගූගල් සමාගම පියවර ගෙන තිබේ.

    පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කිරීම එහි අරමුණයි. 2017 වසරේ සිට ඇන්ඩ්‍රෙයිඩ් ජංගම දුරකථනවල දත්ත දුරකථන සේවා සපයන්නා හට නොමිලයේ ලබාදීමට ගූගල් සමාගම කටයුතු කර තිබේ. මෙම දත්ත භාවිතා කරමින් එම ප්‍රදේශයන්වල දුරකථන ජාල සබඳතාවන් ශක්තිමත් කිරීමට සේවා සපයන්නන් හට හැකියාව ලැබී තිබෙන බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    යුරෝපා කොමිසම මේ ආකාරයේ දත්ත අවභාවිතයන් සඳහා විශාල ලෙස දඩ ගැසීම් සිදු කිරීමත් සමඟ දත්ත ලබාදීම නවතා දැමීමට ගූගල් සමාගම තීරණය කර තිබේ.

    Last modified on බදාදා, 21 අගෝස්තු 2019 11:50

    Latest News