එක්සත් රාජධානියේ තියුණු වු උද්ධමන අනුපාතය

ජූලි 04, 2022

    2008 ජුනි මාසෙන් පසු එක්සත් රාජධානියේ ඉහළතම උද්ධමන අනුපාතය මෙම වසරේ ජුනි මාසයේ වාර්තා වී තිබේ. 

    ආහාර මිලෙහි තියුණු වැඩි වීම මෙයට හේතු වී ඇති බවයි, ආර්ථික විශේෂඥයින් පවසන්නේ.

    සැපයුම්දාම පිරිවැය ඉහළ යාම හා පාරිභෝගික වියදම් පහත වැටී‍මෙන් උද්ධමනය වැඩි වී ඇතැයි, වාර්තා වෙයි. බී ආර් සී නීල්සන් අයි කියු සාප්පු මිල දර්ශක‍යේ දත්ත උපුටා දක්වමින් එක්සත් රාජධානියේ ජාතික සංඛ්යා්ලේඛන කාර්යාලය පෙන්වා දෙන්නේ, එක්සත් රාජධානියේ සමස්ත උද්ධමනය මෙම වසරේ මැයි මාසයේදී සියයට 8.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    එය වසර 40 කට පසු එරටින් වාර්තා වූ ඉහළතම උද්ධමනය මෙය ලෙසට සැලකෙයි.

    ඉකුත් ජුනි මාසයේදී එම උද්ධමන අනුපාතය සියයට 8.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන හා ආහාර මිල ඉහළ යාම හේතුවෙන් එක්සත් රාජධානියේ පුරවැසියන්ගේ පරිභෝජන රටාවන්වල වෙනස් වීමක් දක්නට ලැබෙයි.

    මෙමගින් ආහාර පාන සඳහා එරට සමස්ත පාරිභෝගික වියදම් පහත වැටී තිබේ.

    Last modified on සදුදා, 04 ජූලි 2022 12:07

    Latest News