වේල්ස් නුවරට විදුලි බස් රථ

අගෝ 19, 2019

    බ්‍රිතාන්‍යයේ වේල්ස් නුවරදී ප්‍රථම වරට විදුලි බස් රථ ධාවනය අරඹා තිබේ.

    2018 වර්ෂයේදී විදුලි බස් රථයේ අත්හදා බැලීම්වලින් අනතුරුව එය වේල්ස්හි නිව්පෝට් මාර්ග සඳහා යොදවනු ලැබීමට නියමිතයි. විදුලි බස්වලින් සිදුවන පරිසර හානිය අවමයි. වායු විමෝචනයක් සිදු වන්නේ නැහැ. ඩීසල් බස්රථවලින් වායු දූෂණය සිදුවන අතර එබැවින් ලබන වසරේ දී විදුලි බස් රථ 14ක් නිව්පෝට් සිට ගමන් ආරම්භ කිරීමට නියමිතයි. තවත් අතිරේ බස් රථ 52ක් වෙනත් නගර සඳහා යෙදවීමට තීරණය කෙරිණ. වේල්ස්හි දැනටමත් දේශගුණික හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවත්, නිව්පෝට්හි දුර්වල වායු ගුණාත්මක කලාප කිහිපයක්ම පවතින බවත්, නිව්පෝට් ගමනාගමන කළමනාකාර අධ්‍යක්‍ෂ ස්කොට් පියර්සන් කියා සිටියේය. එම තත්වයන්ට ස්ථිර විසඳුමක් ලෙසයි විදුලි බස් රථ හඳුන්වාදී ඇත්තේ.

    Latest News