ගිබ්රල්ටාර් අත්අඩංගුවේ තිබූ ඉරාන ඉන්ධන නැව පිටව යයි

අගෝ 19, 2019

    ගිබ්රල්ටාර් අත්අඩංගුවේ පසුවූ ඉරාන ඉන්ධන නෞකාව එම වරායෙන් පිටත්ව ගොස් තිබේ. පසුගිය ජුලි මාසයේ අදාළ නෞකාව එක්සත් රාජධානී නාවික භටයින් විසින් අත්අඩංගුවට ගත්තේ, සිරියාවට ඉන්ධන ප්‍රවාහනය කරන බටව චෝදනා කරමින්.

    නෞකාව නැගෙනහිර මධ්‍යධරණී මුහුද දෙසට ගමන් කරන බව, සමුද්‍රීය ලුහුබැදීම් වාර්තා පෙන්වා දෙයි. මුලින් ග්‍රේස් එක ලෙස හැඳින් වූ අදාළ නෞකාව පසුව ඒඩ්රියන් ඩාර්යා එක ලෙස හැඳන්විය. නෞකාව නැවතත් රඳවා ගැනීමේ නියෝගවලට යටත් කරන ලෙස අමෙරිකාව, ගිබ්රල්ටාවෙන් ඉල්ලා සිටියේය.

    අදාළ ඉල්ලීම ගිබ්රල්ටාව විසින් ප්‍රථමයෙන් ප්‍රතික්ෂේප කළ අතර, පසුගිය සිකුරාදා අමෙරිකාව නැවතත් සිට අවසන් ඉල්ලීම සිදු කිරීමට දිනකට පෙර අදාළ නෞකාවට පනවා තිබූ රඳවා ගැනීමේ නියෝග ඉවත් කිරීමට ගිබ්රල්ටාව කටයුතු කර තිබිණ. කෙසේ වෙතත් ටෙහෙරාන පාලනය ප්‍රකාශ කළේ විශේෂ නාවික භට කණ්ඩායමක් නෞකාව වෙත පිටත්කර හැරීමට කටයුතු කරන බවයි.

    Last modified on සදුදා, 19 අගෝස්තු 2019 08:19

    Latest News