හමාස් ප්‍රධානියා ඉරානයේදී ඝාතනය කෙරේ

ජූලි 31, 2024
    හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම ප්‍රධානියා වන ඉස්මයිල් හනියා මීට සුළු වේලාවකට පෙර ඝාතනය කර තිබෙනවා.
    ඒ, ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී.
    ඉරානයේ ප්‍රධානතම ආරක්ෂක හමුදා ඒකකය වන ස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනයකින් හමාස් නායකයාගේ මරණය සනාථ කොට තිබෙනවා.
    ස්මයිල් හනියා ඉරානයේ ටෙහෙරාන් අගනුවරට පැමිණ ඇත්තේ, ඉරාන නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වීම සඳහායි.
    හමාස් ප්‍රධානියා රැඳී සිටි ස්ථානයට එකවර එල්ල වූ ප්‍රහාරයකින් ඔහු සහ ඔහුගේ ආරක්ෂකයෙකු එම ස්ථානයේදීම මියගිය බව ඉරාන ආරක්ෂක අංශය පවසනවා.
    මෙම ප්‍රහාරය ඊශ්‍රායල මොසාඩ් ඔත්තු සේවයේ ක්‍රියාවක් බවට ඉරාන රජය චෝදනා කරනවා. එහෙත්, ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

    Latest News